ප්‍රිමියර් ලීග් තරගාවලිය හැකි ඉක්මනින්
මැන්චෙස්ටර් සිටි පිලේ කෙවින් ඩි‘බෘෘයින් එංගලන්ත ප්‍රිමියර් ලීග් තරගයකදී
ඡායාරූපය – ඒ. එෆ්. පී
හැකි ඉක්මනින් අන්තර් සමාජයීය පාපන්දු ක්‍රීඩාව ආරම්භ කිරීමේ අරමුණින් මේ දිනවල තමා ප්‍රිමියර් ලීගය සමග සාකච්ඡා කරමින් සිටින බව ක්‍රීඩාවට වගකිව යුතු එක්සත් රාජධානියේ කැබිනට් අමාත්‍යවරයා කියා සිටියි.
“සමස්ත පාපන්දු ප්‍රජාවට සහයෝගය දැක්වීම සඳහා මම පෞද්ගලිකවම පාපන්දු ක්‍රීඩාව ආරම්භ කිරීමට ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයන් සමග සාකච්ඡා කළා.” යැයි පාර්ලිමේන්තු ප්‍රශ්න සැසියකට එක්වෙමින් සංස්කෘතික, මාධ්‍ය හා ක්‍රීඩා ලේකම් ඔලිවර් ඩෝඩන් මහතා පැවසීය.
“නමුත් ඇත්ත වශයෙන්ම, එවැනි ඕනෑම පියවරක් මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශනයට අනුකූල විය යුතුයි.” යැයිද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
මාර්තු මස 13 වැනිදා සිට එංගලන්තයේ ප්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ප්‍රිමියර් ලීග්’ තරග අත්හිටුවා තිබේ. මේ අතර කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් එක්සත් රාජධානිය අගුලු දැමීමේ පියවර මැයි 7 වැනිදා දක්වා ක්‍රියාත්මකව පවතී. තත්ත්වය එසේ වුවත් දැනට පවත්නා සීමාවන් සමාලෝචනය කිරීමට රජය සූදානම් වන බව වාර්තා වේ.
ලන්ඩන්හි ක්‍රීඩා සමාජ තුනක් වන ආර්සෙනල්, වෙස්ට්හැම් සහ ටොටන්හැම් හොට්ස්පූර් මෙන්ම බ්‍රයිටන් ක්‍රීඩා සමාජයද මේ වනවිටත් සිමිත ක්‍රීඩකයන් සංඛ්‍යාවක් සහභාගි කරවාගනිමින් නියමිත සෞඛ්‍ය උපදෙස් වලට අනුව ඔවුන්ගේ පුහුණුවීම් නැවතත් ආරම්භ කර තිබේ. එම ක්‍රීඩා සමාජ පවසන්නේ ක්‍රීඩකයින් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වෙමින් තනි තනිව පුහුණුවීම් කරන නමුත් කණ්ඩායම් ක්‍රියාකාරකම් සඳහා සහභාගී නොවන බවය.
ප්‍රිමියර් ලීග් ක්‍රීඩා සමාජ ඉකුත් සති අන්තයේදී දුරකථන සම්මන්ත්‍රණයකට එක් වූ අතර මෙම තරග වාරය අවසන් කිරීම සඳහා විවිධ විකල්ප අඛණ්ඩව සැලකිල්ලට භාජනය කරන නමුත් ජුනි මස මුල් සතිය දක්වා නැවත තරග ආරම්භ කිරීමට සූදානමක් නැති බවද එහිදී ඔවුහු සඳහන් කළහ.
මහජන රැස්වීම් තහනම් කිරීම අවසන් වරට ඉවත් කළ යුතු සීමාව වී තිබේ. එබැවින් තරගාවලිය නැවත සැලසුම් කළද එය ඇතැම් විට ප්‍රේක්ෂකයන් නොමැති ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට ඉඩ තිබේ.
-036